රාජගිරියේ මාරක අනතුර සිදුකළ පුද්ගලයා බීමත්ව සිටියේදැයි පරීක්ෂණ අරඹ කර ඇති බවත් ගෙවුණු පැය 24ක කාලය තුල මාර්ග රිය අනතුරු වලින් මිය ගිය පිරිස 9 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේය.
එමෙන්ම නිල ඇදුමෙන් සිටින පොලිස් නිලධාරියකු යට කරගෙන යාමට තරම් මාර්ග පද්ධතිය තුල අවිනීත වී තිබීම කණගාටුවට කරුණක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිට ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වන බවය.
රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ දී අද (23) අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් සමග ගැටීම හේතුවෙන් සිදුවූ රිය අනතුරකින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකයෙක් සහ තවත් පුද්ගලයෙකු මියගොස් ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එම කණ්ඩායම භාරව සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකයෙක් එලෙස මියගොස් ඇති බවයි.
එසේම ඔවුන් විසින් එම අවස්ථාවේ පරීක්ෂා කරමින් සිටි කුඩා ලොරි රථයක සහායකවරයා ද අධික වේගයෙන් පැමිණි වෑන් රථයේ ගැටී ඇති අතර ඉන් ඔහු ද මරණයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.