කොරෝනා වෛරසයට එරෙහිව නව එන්නතක් තායිලන්තය විසින් අත්හදා බැලීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තායිලන්තයේ නිශ්පාදිත මෙම එන්නත 2022 වසර වන විට භාවිතය සදහා යොදාගත හැකිවනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ සදහන් කර ඇත.
තම රටේ නිශ්පාදිත එන්නතක් මගින් පවත්නා එන්නත් අවශ්‍යතාවය සපුරාලීමට හැකිවනු ඇති බවට එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරති.
තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 27876 දෙනෙකු හමුවී ඇති අතර එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 91කි.
මේ වන විට ඇස්ට්‍රා සෙනෙකා එන්නත එරට තුළ ලබා දීම ආරම්භ කර ඇති අතර මෙම වසර අවසානය වන විට මිලියන 61 ක සංඛ්‍යාවකට එන්නත ලබා දීමට ඉලක්ක කර ඇත.