අද උදෑසන වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 314 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 40 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ.
ඉතිරි පුද්ගලයින් 274 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 52කි.
අද දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 102ක් තුළ පුද්ගලයින් 10,692ක් නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (22) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 5,983ක් සිදුකර ඇත.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29ක් ලෙස වාර්තා වෙයි. අනෙක් ආසාදිතයින් 163 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇති අතර ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිත පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් ඇත. ඔවුන් ගාල්ල, වෑඋඩ, නුගතලාව, කඩවත හා බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.
අද (23) වැනි දින උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළ ගොස් ඇත.