චීන-ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය කාලෝචිත හා ප්‍රයෝජනවත් බවත් අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කර ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු උදාවේ දෙරටේ ජනාධිපතිවරුන්ගේ දුරකථන සාකච්ඡාවේ දී එළඹුණු එකඟතාවන් ක්‍රියාවට නැංවීමට ගත් වැදගත් පියවරක් ලෙසද මෙම සංවාදය සදහන් වේ.
ඒ අනුව චීන විදෙස් අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන් යිං මහත්මිය ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ මෙම සංවාදයේදී දෙපාර්ශ්වයම සිය දෙස්-විදෙස් ප්‍රතිපත්ති, ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු අවධානයට ලක්වන වැදගත් ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව අවංක, ගැඹුරු, දිගු කාලීන හා සංවර්ධනාත්මක ලෙස සාකච්ඡා කල බවය.
එම එකඟතාවන්ට අනුව, චීන-ඇමරිකා සබඳතාව විධිමත් ලෙස ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වය එකඟවී ඇත. මෙවැනි ඉහළ පෙළේ උපායමාර්ගික සන්නිවේදනය අඛණ්ඩව පවත්වා ගැනීමට දෙපාර්ශ්වයම බලාපොරොත්තු වන බව හුවා චුන් යිං මහත්මිය සඳහන් කර තිබේ.