හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිඳු ජලය ලබාදීම සඳහා සිංහරාජ රක්ෂිතය තුළ වැව් දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එම ඉදිකිරීම් චීන සමාගමකට භාර දී ඇතැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
මේ එක් වැවක් අක්කර පහක් පමණ වන බවත්, එය ඉදිකිරීමේදී සිංහරාජ වනයේ කැලෑව යට වන නිසා ඒ වෙනුවට තව අක්කර 50ක් 100ක් පමණ රබර් වගා කිරීමටත් පියවර ගන්නා බවයි ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ආදී ප්‍රදේශවලට පානීය ජලය දීම සඳහා ගිං ගඟේ සහ නිල්වලා ගඟේ වතුර ගිරුවාපත්තුවට ගෙනඒමට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ වාරි ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් පසුගිය රජය පැවති වසර පහක කාලයේදී එය ක්‍රියාත්මක නොවූ බව ද ඇමතිවරයා කීවේය.
ඒ කාර්යය භාරදුන් චීන සමාගමක් විසින් අවශ්‍ය සැලසුම් සකස් කර ඇති අතර ඒ අනුව සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් නිර්මාණය කිරීමට ඇතැයි කී ඇමතිවරයා ඒ සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.