පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ලබා දුන් තීන්දුව යළි සලකා බලන ලෙසට මන්ත්‍රීවරයා මෙලෙස ඉල්ලා තිබිණි. ඔහු සිය නීතිඥවරයෙකු මාර්ගයෙන් මෙලෙස ගොනු කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබීය.
එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙසට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසම මගින් ඉල්ලා සිටි අතර අගවිනිසුරුවරයා විසින් එම මෝෂම සලකා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.