රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න අද (22) උදෑසන 11.20ට පමණ ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය ට පැමිණුනි. ඒඅනුව පැය 5ක කාලයක් ප්‍රශ්න කර තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසුවේ දේශපාලනයට එනකොට අපිට ලැබෙන තනතුරු වගේම අපිට ලැබෙන වරප්‍රසාද මෙන්ම අපිට ලැබෙන දුක විඳින්න සුදානම් විය යුතු බවටය.
ඒක තමයි දේශපාලඥයා. මන්ත්‍රීවරයෙකුට, ඇමතිවරයෙකුට වඩා මම දේශපාලඥයෙක්. මම වමේ ව්‍යාපාරයේ ඉදලා ගුටිකාලා තියෙනවා, කුඳුළු ගෑස් කාලා තියෙනවා. හිරේ විලංගුවේ වැටිලා තියෙනවා දේශපාලනය වෙනුවෙන්. පුද්ගලික හේතුවක් හින්දා නෙමෙයි. ඉතුරු කාලේත් එක්ටම කැපකරනවා. මම නැති කාලෙක චතුර ඉන්නවා.යනුවෙන් ඔහු අදහස් දක්වමින් පැවසුවේය .