ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිළට පාරිභෝගිකයාට

එළඹෙන අලුත් අවුරුද්ද හිතේ සැනසීමේ ගෙවන්න පුළුවන් අවුරුද්දක් කිරීමට අදාලව ජනතාවට සහන ලබා දීමට රජය කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ භාණ්ඩ මිල සම්බන්දයෙන් කලම්බෝ ගැසට් අප සිදු කල විමසීමට අනුව අමත්‍යවරයා පැවසුවේ අතිශය සහනදායි සහන මල්ලක්ද මෙවර පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කර ඇති බවය.

සතොස වෙළෙඳ සැල් වලට එල්ල වන චෝදනා සම්බන්දයෙන් ද අප සිදුකල විමසීමට පිළිතුරු දෙමින් අමත්‍යවරයා පැවසුවේ පාරිභෝගික මේ දක්වා සතොස කඩා වැටීම්, බාධා රැසකට මුහුණ පෑව ද තම උපරිම දායකත්වයෙන් යුතුව සතොස ගොඩ ගැනීමේ කර්තව්‍යයට දායක වන බවය.

පසුගියදා ජාඇල මෙගා සතොස විවෘත කෙරිණි. මෙම ආදර්ශය තුළින් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිළට පාරිභෝගිකයාට භාණ්ඩ නිකුත් කිරීමේ වගකීම පෞද්ගලික සුපිරි වෙළෙඳසැල් හරහා ද ක්‍රියාත්මක වීම අගය කරමින් අනෙකුත් සුපිරි වෙළෙඳසැල් හරහා ද මෙම ක්‍රියාවලියට දායකත්වය සපයනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.