ශ්‍රි ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම් (එම්.සී.සී) අත්සන් නොකිරීමට රජය තීන්දු කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දුන්නේය.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකා රජය එළැඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කීපයක් ගොනු කර තිබූ පෙත්සම අද ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් එළඹීමට තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළේය.
එමෙන්ම ඇමරිකානු හමුදා ස්ථානගත කිරීම් වලට අදාල සෝෆා ගිවිසුමට එළැඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නොමැති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ. මෙම පෙත්සම් ජුලි මස 12 වනදා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම මේ සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි කරවන මිලේනියම් චැලෙන්ජ කෝපරේෂන් ගිවිසුම සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.