එක්සත් ජනපදයේදී ලාංකික සංක්‍රමණිකයෙකුට පහර දීමක්

68 හැවිරිදි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකුට මෑන්හැටන් දුම්රියේදී පසුගිය සතියේ පහර දුන් බවට සැකකරුවෙකුට එක්සත් ජනපදයේ චෝදනා එල්ල වී ඇති බව නිව්යෝක් පෝස්ට් වාර්තා කරයි.

36 හැවිරිදි මාක් මැතිව්, පසුගිය සිකුරාදා මැන්හැටන් හි ෆ්‍රෑන්ක්ලින් වීදියේ දුම්රිය ස්ථානයේ අංක 1 දුම්රියේදී නාරායං බෝධිට පහරවල් එල්ල කළ බව පොලිසිය පවසයි.

පහරදීම පිළිබඳ සාක්ෂිකරුවෙක් එය පෝස්ට් පුවත්පතට පැවසුවේ එය වෛරී අපරාධයක් බවයි. නමුත් NYPD ඉරිදා කියා සිටියේ ප්‍රහාරය වාර්ගික වශයෙන් අභිප්‍රේරණය කළ බවට දෙපාර්තමේන්තුවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

නිව්යෝර්ක් නගරය ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින්ට එරෙහි ප්‍රහාර වැඩි වෙමින් පවතී. පසුගිය වසරේදී එවැනි වාර්ගික අභිප්‍රේරණ ප්‍රහාර 28 ක් සිදුවී ඇත්තේ 2019 දී සිදු වූ ප්‍රහාර දෙකකට සාපේක්ෂව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.