ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක්

රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් බැවින් අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇත.

පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බැවින් දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් – 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පොලිසිය පවසයි.

ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.