චීන එන්නත මෙරට චීන ජාතිකයින්ට ලබා දීමේ වැඩපිළිවෙලක්

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත පළමුවෙන් මෙරට සිටින චීන ජාතිකයින්ට ලබාදීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

එමෙන්ම මෙම එන්නත ගැන බිය වීමට කරුණක් නොමැති බවත් බොහෝ එන්නත් WHO අර හදිසි භාවිතය සඳහා තොරාගත් ඒවාට අවසර ලබා දී ඇති බවද අමතරවරිය පැවසුවාය.

චීන රටේ සිනෝෆාම් එන්නත එහි රට වැසියන්ට පාවිච්චි කරන නිසා මෙහි වාසය කරන චීන ජනතාවටත් එම එන්නත ලබාදීමට හැකියාව ඇති බවද පැවසුවාය. සිනෝෆාම් එන්නත මෙරට භාවිතය සදහා ඊයේ (20) දිනයේ දි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.