අතුරුදහන්වූ සිසුවා මොරටුව පාලු පාසල් ගොඩනැගිල්ලක දින 3ක් සැඟවෙයි

ඉන්දික ශ්‍රී අරවින්ද

රත්මලාන ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවා මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ අතහැර දැමු පාසල් ගොඩනැගිල්ලක දින 3ක කාලයක් රහසිගතව තනිව සිට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

කටුබැද්ද ද මේල් පාරේ පිහිටි මෙම පාසල් ගොඩනැගිල්ල මෙයට වසර කිහිපයකට පමණ ඉහතදී අතහැර දැමු ගොඩනැගිල්ලක් බව හෙළි වී ඇත.

එම සිසුවාගේ මව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රී 10ට පමණ ඔහු නිවසට පැමිණි බවත් තමාට තනිව සිටීමට අවශ්‍ය බවට සිතුවිල්ලක් පහල වීම හේතුවෙන් නිවසින් පිටව ගිය බවත් නිවසට පැමිණි එම සිසුවා ප්‍රකාශකර ඇති බවයි.

නිවස අවට ප්‍රදේශයේම මෙම දින කිහිපය ඔහු ගතකර ඇති අතර මව ප්‍රකාශ කලේ සිසුවාට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි.

නිවසට පැමිණි මෙම සිසුවා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කර ඇති අතර ඉන් පසු මානසික වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම සිසුවාගේ අතුරුදහන් වීම තවමත් අභිරහසක්ව පවතින අතර එහි වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය විසින් තවදුරටත් සිදු කරගෙන යයි.

පොලීසිය ඉලෙක්ට්‍රොනික දත්ත හා සී.සී.ටී.වී. කැමරා දත්ත විශ්ලේෂණය කරමින් මෙම සිසුවා ආගිය තොරතුරු පදනම් කරගෙන පොලිස් කණ්ඩායම් 4ක් විශේෂ විමර්ශනයන් තවදුරටත් සිදු කරණු ලබයි.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇල්ඩන් ඩෙවෝන් කෙනී නමැති මෙම සිසුවා නිවසින් අතුරුදන්ව තිබුණේ පසුගිය 18 වැනිදාය.

පසුව ඔහු ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ මොරටුව දෙසට ගමන් කරන ආකාරය එදින පෙරවරුවේ සී.සී.ටී.වි කැමරාවක සටහන්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.