පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් අධිචෝදනා ගොනුකරනු ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවේ ලිපිගොනු නීතිපතිවරයා විසින් මේවන විට විමර්ශනය කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වැඩි දුරටත් පැවසුවේය.
මේ සම්බන්දයෙන් අමාත්‍යවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්දයෙන් කලම්බෝ ගැසට් අපද සිදු කල විමසීමට පිළිතුරු එමින් අලි සබ්රි මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිතීපතිතුමා එතුමාගේ අධික්ෂණය යටතේ CID, TID ඇතුළු සම්පුර්න පොලිස් දෙපාර්තමේන්තුව විසින්ම විමර්ශන කරගෙන යන බවත්ය.
මේවන විට ඇතැම් වාර්තා නීතිපතිට යොමුවී ඇති බවද දැනටමත් අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවද අමත්‍යවරයා සනාථ කළේය. ඒ අනුව හැකි ඉක්මනින් අධිචෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු සම්පාදනය කරන බවද ඔහු පැවසුවේය.