අභිරහස් ලෙස අතුරුදහන් වූ පාසල් සිසුවා නිවසට එයි

සමාජයේ කැළඹීමක් ඇති කරමින් එක්වරම අතුරුදහන් වු බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවා නැවත නිවෙස වෙත පැමිණ තිබේ.

දරුවාගේ මව විසින් ප්‍රකාශ කර තිබුණේ ඔහු ඊයේ (20) රාත්‍රි 10.00ට පමණ නිවස වෙත පැමිණ ඇති බවයි.

දරුවාට කිසිදු අනතුරක් හෝ තුවාලයක් සිදුව නොමැති බවත් ඔහු නිවස අසළම ස්ථානවල කාලය ගත කර ඇතැයිද වාර්තා වෙයි.

රත්මලාන ගලකිස්ස ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචි ඇල්ඩන් ඩෙවෝන් කෙනී නම් මෙම දරුවා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් ද මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

ඔහු නිවසෙන් පිටව යන CCTV දර්ශන පොලීසිය සොයා ගැනීමට හැකි වූ අතර ඒ ඔස්සේ විශේෂ විමර්ශන සිදු කළත් පාසල් සිසුවා පිළිබඳව විශේෂ හෝඩුවාවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබුණි.

කෙසේ වෙතත් දරුවාගේ දුරකථන සහ ඔහුගේ පරිගණක ඇතුළු තාක්ෂණික උපකරණ හරහාද දරුවා සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

අතුරුදහන් ව සිටි දරුවා නැවත නිවස වෙත පැමිණි අවස්ථාවේ තමන්ට තනිව සිටීමට අවශ්‍ය බව සිතුණු නිසා නිවෙස් ගිය බවට ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.