රාජිතට සහ චතුරට අපරාධ කොට්ඨාශයයෙන් කැඳවීමක්

මාධ්‍යවේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන මහත්වරුන් ලබන හෙට (22) දිනය තුළ කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ.

ඉකුත් දින දෙක තුළ මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාශය ඔවුන්ට ද දැනුම් දී තිබුණි.

එහෙත් කලින් යොදා ගත් දේශපාලන කයුතු කිහිපයක් හේතුවෙන් තමන්ට කැඳවූ දින දෙකේ දී පැමිණිය නොහැකි බවට ඔවුන් නීතීඥයකු මගින් ලිඛිතව පොලිසියට පොලීසියට දැනුම් දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

ඒ අනුව තමන් ලබන සදුදා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බව ඔවුන් එම ලිපිය මගින් කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ .

මේ අතර මාධ්‍යවේදියා පැහැරගැනීම ව්‍යාජ පැමිණිල්ලක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිවුවේ බොරු යැයි එම මාධ්‍යවේදියා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියි.

ඔහු පවසන ආකාරයට තමාගේ පැහැරගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළකළ අදහස් තමා පිළිනොගන්නා බවයි.

ඔහු “සියරට“ නම් පුවත්පතක නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන තැනැත්තෙක් බවයි.

එම මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ අදහස් දැක්විය. “ටිකට් එකේ අත්සන් කරලා ඉස්පිරිතාලෙට දෙන්නට ඕනේ පාස් එකත් දීලා. මාව එළියට අරගෙන එනකොට තමයි. අරගොල්ලෝ මාව අරගෙන දෙමටගොඩට ගෙනිච්චේ.

ඊට පස්සේ පැයක් විතර මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ මගේ බිරිඳ ගෙන්නුවා. බිරිඳ ගෙන්නලා. එයා රාත්‍රී 11.30 වෙනකන් ප්‍රශ්න කළා. බිරිඳ පපුවට ගහගෙන අඬන තත්ත්වයට පත්කළා. එයා එළියට යනකොට කිව්වේ වොයිස් කට් දෙන්න එපා ඔයා රජයේ සේවිකාවක්. වොයිස්කට් දීලා තිබුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. අනික ඔයාගේ මහත්තයාට එළියට එන්න හම්බවෙන්නෙත් නැහැ කියලා. එතන ඉඳල අයෙත් රෑ 2 විතර වෙනතුර මගෙන් එක එක ප්‍රශ්න ඇසුවා,“ යනුවෙන් පහර කෑමට ලක්වූ බව කියන මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා සඳහන් කළේය.

තමා සතුව පැවති හඬ පටයක් ලබාගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වනදා තමන් පැහැරගෙන පිළිස්සුම් තුවාල සිදුකළ බවට “සියරට“ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු බව පැවසෙන 62 හැවිරිදි සුජීව ගමගේ මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් කළ පොලිසිය ඊයේ පැවසුවේ, එම සිද්ධිය ගෙතූ එකක් බවය.

මේ අතර පැහැර ගැනීම සිදුකළ දින නිදහස් මාධ්‍යෙව්දී සුජීව ගමගේ, චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමු වී ඇති බව සත්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.