ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 8කින් ජය ගත්තේය
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සියලුදෙනා දැවි ලකුණු 125ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 17යි පන්දු 2කදී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ලබාගත්තේය.
ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අවසන් තරඟය ලබන ඉරිදා පැවැත්වේ.