අපරාධ රැල්ලට එරෙහිව හමුදා විශේෂ මෙහෙයුමක්

ඊස්වරන් රත්නම්

ශ්‍රී ලංකාවේ අපරාධ රැල්ල මැඩපැවැත්වීම  සඳහා හමුදාව යෙදවීමට නියමිතය. මෙම විශේෂ මෙහෙයුමට පොලිසිය නායකත්වය දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

මෙම මෙහෙයුම සඳහා විශේෂ කාර්ය සාධක බලකාය සහ හමුදාව ද යොදා ගන්නා බව ඔහු පැවසීය. මෙම විශේෂ මෙහෙයුම පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා සිදුකරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

අපරාධකරුවන් රටේ ප්‍රදේශ කිහිපයක සැඟවී සිටින බවට විශ්වාස කරන බව ද පවසන අමාත්‍යවරයා විශේෂ මෙහෙයුමේ දිනය පිළිබඳව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් අපරාධකරුවන්ට පැන යාමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ද පැවසීය.

එහි ප්‍රථිපලයක් ලෙස පූර්ව දැනුම්දීමකින් තොරව මෙහෙයුම සිදු කෙරේ. මෙම විශේෂ මෙහෙයුම දිවා රෑ නොබලා දින ගණනාවක් පුරා සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.