ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙම තරගාවලිය මීට පෙර ඉකුත් 2020 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාස වලදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ නමුත්, කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය.
තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 ම මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට පෙර බංග්ලාදේශ කණ්ඩායම, ඔවුන් නොවුන් අතර වූ දෙදින පුහුණු තරගයකට අප්‍රේල් මස 17 සහ 18 යන දෙදින කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
