කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ ඉන්දීය ප්‍රාන්තය වන මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ගතවූ පැය විසි හතර තුළ නව කොරෝනා ආසාදිතයන් 25,843 දෙනෙකු වාර්තාවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ දෙවන කොරෝනා රැල්ලේ කේන්ද්‍රය වන්නේද මෙම ප්‍රාන්තයයි.
එය කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් වාර්තාවූ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව වේ. ඊයේ දිනයේ ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 58 ක්ද වාර්තා විය.
නව කොරෝනා රැල්ලක් සමඟ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සියලු සාමාජීය, සංස්කෘතික, දේශපාලන සහ ආගමික එක්රැස්වීම් තහනම් කර ඇති අතර ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි 1513,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 159,405 ක් ද වේ.