2021 අප්‍රේල් වන විට අනුමත “අසීමිත අන්තර්ජාල සැලසුම්” (Unlimited Data Packages) පාරිභෝගිකයින්ට ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔවුන් පැවසුවේ මහජනතාව වෙත ලබාදිය හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත 2021 මාර්තු 1 වනදා වන විට ලබාදෙන ලෙස අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් නිකුත්කළ බවය.
අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසීය.