කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රැකියා අහිමිවී ගිය පිරිසගේ සංගණනයක් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට පියවර ගෙන තිබේ.
ඒ අනුව අදාල කොවිඩ් අපහසුතා හේතුවෙන්, අදාළ ආයතනය විසින් සේවයෙන් ඉවත්කිරීම හේතුවෙන් හෝ වෙනත් අපහසුතා හේතුවෙන් රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවයේ නියුතුව සිටි අය පිළිබඳව තොරතුරු රැස් කෙරේ.
එවැනි සේවක සේවිකාවන්ට ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳ ව ඉදිරියේදී ක්‍රියාත්මක වීමේ අරමුණින් මෙම සංගණනය සිදුකරන බව ද කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කළ ස්ථානයේ ලිපිනය, සේවයෙන් ඉවත් කළ දිනය, එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11 මහළ, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට හෝ [email protected] ඊමේල් ලිපිනයට ද තොරතුරු යොමු කල හැකිය.
විස්තර 2021 අප්‍රේල් 01ට පෙර එවිය යුතු අතර වැඩිදුර විස්තර 0112-368502 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.