නොර්වුඩ් ප්‍රාදේශිය සභාව තාවකාලිකව වසයි

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකුට සහ ප්‍රාදේශිය සභාවේ පුස්තකාලයේ සේවය කරන පුස්තකාලාධිපතිනියට කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු නොර්වුඩ් ප්‍රාදේශිය සභාව තාවකාලිකව දින 10 කට වසා දැමිමට සෞඛ්‍යය අංශ පියවර ගෙන ඇත

එම ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාට, ඔහුගේ බිරිදට , මවට , නිවසේ සේවකයෙකුට , නොර්වුඩ් පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියට සහ ඇයගේ පාසල් වියේ පසුවන පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත. එම ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 10 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම ප්‍රාදේශිය සභාවේ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 3 දෙනෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත.

එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත බවත්, සෙසු මන්ත්‍රිවරුන් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ කාර්යාලයේ සහ සේවකයන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර තිබේ.

කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 338 දෙනෙකු ඊයේ (17) වාර්තා වූ අතර ඉන් 16 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය. සෙසු ආසාදිතයින් 322 දෙනා දිස්ත්‍රික්ක 21 කින් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. මාතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 40 දෙනෙකු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සෙසු ආසාදිතයින් 206 දෙනෙකු දිස්ත්‍රික්ක 18 කින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88,862 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොවිඩ් ආසාදිතයින් 85,725 දෙනෙකු මෙරටදී සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 2,600ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 537කි.

මේ අතර ගතවූ දිනයේ එන්නත් 9,657ක් ලබාදීමත් සමග කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට ලබා දී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව 806,449කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.