ශ්‍රී ලංකාවේ ‘නිරෝධායන මගඩි’ ගැන පැරිසියේ විරෝධයක්

‘නිරෝධායන නීති වලට වසන්වී විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සූරා කෑමට විරුද්ධව පෙල ගැසෙමු” යන තේමාව ප්‍රධාන කොට ප්‍රංශයේ වෙසෙන ‘ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව’ විසින් සංවිධානය කල විරෝධතාවයක් පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත් ඊයේ (17) පැවැත්විණි.

මෙහිදී විරෝධතාකරුවන් ඉල්ලීම් 4ක් රජයට ඉදිරිපත් කර තිබුණි.

විදේශ ගත ශ්‍රී ලාංකිකයෙකු ශ්‍රී ලංකාවට (තම මව් බිමට ) පැමිණීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීම අවලංගු කරන්න.

අධික මුදලක් ගෙවා මිල අධික හෝටල් වල දින 14ක් නිරෝධායනය වීම, අවලංගු කර ඒ වෙනුවෙන් ඇති යාන්ත්‍රනය වෙනස් කරමින් පෙර මෙන් නිදහසේ තම මව් බිමට පැමිණීමට අවස්ථාව ලබා දීම හා නිසි සෞඛ්‍යය ක්‍රමවේද වලට යටත්ව තම නිවෙස් තුලම නිරෝධායනය වීමට ඇති හැකියාව ලබා දෙන්න.

රාජ්‍ය ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් සඳහා අසාධාරණ අධික මිළ ගනන් නියම නොකරන්න.

විදේශ ගත රක්ෂනයක් හිමි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි ආරක්ෂණ ආවරනයකට පවා උරුම කම් ඇති අපගේ මැද පෙරදිග සහෝදර ශ්‍රී ලාංකිකයන් කිසිදු ගෙවීමකින් තොරව මව් රටට ගෙන්වා ගැනීම.

පැරීසියේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයන් සාමකාමීව සිදුවූ මෙම විරෝධතාවයෙන් පසු සංවිධායකයෝ විසින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය වෙත සංදේශයක් බාර දීමට සූදානම් කර තිබුනත් තානාපති කාර්යාලය වසා දමා පොලිස් ආරක්ෂාව යොදා තිබු හෙයින් සංදේශයක් බාර දීම නොහැකි වී ඇත.

කෙසේ නමුත් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටු නොවුන හොත් ඉදිරියේදී දැවැන්ත පෙලපාලියකින් පැරීසියේ වීදි සංචාරය කිරීමක් සිදු කෙරෙන බව විරෝධතා කරුවන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.