කොරෝනා දකුණු ආසියාවේ දරුවන් 228000ක් බිලිගනී

කෝවිඩ් නයින්ටීන් වැළදීමෙන් දකුණු ආසියාව තුළ පමණක් කුඩා දරුවන් දෙලක්ෂ විසිඅට දහසක් මරණයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කාන්තාවන්ට සහ දරුවන්ට බවය.

දකුණු ආසියා කලාපය තුළින් කෝවිඩ් ආසාදිතයන් මිලියන දහතුනකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මෙම කලාපයේ කෝවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව එක්ලක්ෂ අසූහයදහස ඉක්මවයි.

ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවෙන් මෙම මරණ වාර්තා විය. මෙම රටවල බිලියන එකයි දශම අටක ජනතාවක් ජීවත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.