මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට ඉදිරියේදී විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් අයි.එස්.එච්.ජේ ඉලුක්පිටිය මහතා පවසයි.
තිරසර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයක් ඔස්සේ සෞභාග්‍යවත් දේශයක් උදෙසා ස්වර්ණාභරණ කර්මාන්තය නඟා සිටුවීමේ ජාතික ව්‍යපෘතියක් ආරම්භ කර ඇත. ඊට සමගාමීව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කර්මාන්තකරුවන්ගේ සංගම් පිහිටුවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කරයි.
අනුරාධපුර දිස්ත්‍රික් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ සංගමය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.