ජිනීවාහි ඉන්දියාවේ සහාය ලංකාවට

ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාවේ භෞමික ස්වෛරීභාවය ආරක්ෂා කරන බවට ඉන්දියාව සහතික වී ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලොම්බගේ මහතා පැවසුවේ රටේ ආසන්නතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවේ භෞමික ස්වෛරීභාවය රැක ගැනීමට ඉන්දියාව සහාය දී ඇති බවයි.

අද පැවති සජීවී මාර්ගගත සාකච්ඡාවක් අමතමින් අද්මිරාල් කොලොම්බගේ මහතා, ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් ස්ථානගත කර ඇති බැවින්, සියලු රටවල් එහි ප්‍රයෝජනය සඳහා තරඟ වදිති. වෙළඳ හා අපනයන සබඳතා මත පදනම්ව බොහෝ රටවල් ශ්‍රී ලංකාවට ආධාර සැපයීමට සාකච්ඡා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එවැනි බටහිර බලපෑම්වලට හිස නොනමන බව ශ්‍රී ලංකාව පැහැදිලි කර තිබේ. මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් සිය මතය මෙතෙක් ප්‍රකාශ නොකිරීමට හේතුව තමිල්නාඩුවේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණය විය හැකි බව ද කෙසේ වෙතත් මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට කිසිදු අකටයුත්තක් සිදු නොකිරීමට ඉන්දියාව පොරොන්දුවී ඇති බවයි විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.