බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
විත්තිකරුවනට ඇප නියම කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරු ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊට දැඩව විරුද්ධ වී ඇත. ඒ අනුව සැකකරුවන් මෙම මස 23 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ රවී කරුණානායක මහතාට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබිණි.
2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර වංචාව සිදුව තිබේ.