බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ගොනු කිරීමට පියවර

2016 මාර්තු 29 සහ 31 වන දිනවල සිදුවූ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවරගෙන තිබේ.

එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට අදාළව සිදු කළ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත උදෘත යොමුකර ඇති බව එහිදී අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් මස 27 වනදා කැඳවීමට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නිතිපති උපදෙස් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් යොමු කරන ලෙස ද නියෝග කර තිබේ.

ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින්ම ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.