ඉදිරි උත්සව සමය තුළ සංචරණ සීමා පැනවීම කෙරෙහි රජයේ අවදානය

ඉදිරි සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අවශ්‍ය වුවහොත් නැවතත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ ගිය බවත් ඉන් පෙනී යන්නේ එවන් කාලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළි නොපදින බව යැයිද ඔහු පැවසීය.

2020ට පෙර සිටි ආකාරයට උත්සව සැමරීමට ගිය නැවතත් වෙනසක් ඇති වීමේ හැකියාවක් පවතින බවද හමුදාපතිවරයා පැවසීය.

කොළඹදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් හමුදාපතිවරයා මේ බව පැවසීය.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙරට කොරෝනා වෛරසය පැතිර යාම විශාල ලෙස පාලනය වී ඇති බව සඳහන් කරයි.

කැබිනට් හමුවෙන් පසු ඇමති මණ්ඩලය හමුවේ ඔහු පවසා ඇත්තේ වෛරසය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටින බවයි.

කොරෝනා එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන්නේ යයිද ඒ මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.