දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටේ

තලෙයිමන්නාරම දුම්රියපොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

අනතුරෙන් 9 හැවිරිදි දරුවෙක් මියගොස් ඇති අතර කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (16) පස්වරු 2.30ට පමණ පුද්ගලික බස් රථයක් ගැටී අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබූ පිරිස මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.