වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,000ක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් 20ක් අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.
දෛනික වැටුප සම්බන්ධයෙන් බලධාරීන් ගත් තීරණයෙන් පසු තේ කර්මාන්තය කඩා වැටීමට ඉඩ ඇති බැවින් විකල්ප ගණනාවක් පිළිබඳව සොයා බලමින් සිටින බව වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණි.