සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගය දකුණු අප්රිකානු කඩුලු 5 කිිින් ජයගත්තේය.
ඒ් අනුව සත්කාරක කොදෙව් කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය.
ලකුණු 275 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් විසින් එල්ල කරන ලද හයේ පහරත් සමඟ ජයග්රහණය සනාථ වද්දී කොදෙව් ලකුණු පුවරුවේ කඩුලු 5 ක් සහ පන්දු 9 ක් ඉතිරිව තිබිණ.
පළමු තරග දෙකේදී ආරම්භක පිතිකරුවනු වන එවින් ලුවිස් සහ නිකලස් පූරාන්ව ඉක්මනින් දවා ගැනීමට පන්දු යවන්නන් සමත් වුවත් අඛණ්ඩව 6 වැනි වතාවටත් ලකුණු 50 සීමාව ඉක්මවා ලමින් ලකුණු 64 ක් ලබාගත් ෂායි හෝප් සහ වසර 5 කට පසුව ශතකයක් රැස් කිරීමට ඩැරන් බ්රාවෝ සමත්විය