එල්ටීටීඊ ධජ රැගෙන ගිය විරෝධතාකරුවන් බ්‍රිතාන්‍ය පොලිසිය ගැටෙයි

බ්‍රිතාන්‍ය පොලිසිය එල්ටීටීඊ ධජ රැගෙන ගිය විරෝධතාකරුවන් සමඟ ගැටී ඇති බව වාර්තා කරයි. එහිදී සමහර විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන් සමග ගැටී තිබේ.

ඊයේ (ඉරිදා) විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී විරෝධතාකරුවන් මෙලෙස පොලිසිය සමඟ ගැටුම් ඇති කරගෙන ඇත. මේ වන විට මේ බව පෙන්නුම් කරන වීඩියෝ කිහිපයක්ද සමාජ මාධ්‍යවල පළ වේ.

ලන්ඩන් හි දකුණු හැරෝ ප්‍රදේශයේ කෙන්ටන් මාර්ගයේ පැවති විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ඊයේ කටයුතු කළේය. එම විරෝධතාව පවත්වා ඇත්තේ ශ්‍රී ලංකික දමිළ පිරිසකි.

එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුව නිදහස් කර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.