මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවකු ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කර ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සතු ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවත් ඔහුගේ ගිණුමට ලැබුණු මුදල්වලින් යම් කොටසක් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන යම් සංවිධානයකට බැරකර ඇති බවත්ය.
ඒ අනුව එම සැකකරුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇත. මිට මාස කිහිපයකට පෙර පෑලියගොඩ පොලීසිය මගින් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.