බටහිර ඉන්දියාවේ නාග්පූර් නගරය මුළුමනින්ම වසා දැමීමට ඉන්දීය බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ දෛනිකව නව කොරෝනා ආසාදිතයින් 2000කට අධික පිරිසක් හඳුනා ගැනීමත් සමඟිනි. ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 159කි.
ඉන්දියාවේ ප්‍රථම කොරෝනා රැල්ලට පසුව, ප්‍රථම වරට මුළුමනින්ම වසා දමන ලද ප්‍රථම ප්‍රධානතම නගරය වන්නේ නාග්පූර් නගරය වේ. ඒ අනුව හෙට සිට නාග්පූර් නගරය තුළ දැඩි සංචරණ හා සෞඛ්‍ය සීමා ක්‍රියාත්මකය.