යුද හමුදාව සුපර් ලිග් වොලිබෝල් කාන්තා ශුරතාව දිනා ගනී

ජාතික ශුරතා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ ශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය. එහි පිරිමි ශුරතාව ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම විසින් දිනා ගත්තේය.

අවසන් තරග මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර කාන්තා අවසන් තරගයට යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා තිබිණ. මෙහිදී වට 3-1ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ජය හිමිකර ගත්තේය.

පිරිමි අවසන් තරගයට ලංකා විදුලිබල මණ්ඩලය සහ “බිටූ ලින්ක්“ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබිණ. ඉන් විදුලිබල මණ්ඩල කණ්ඩායම ජයගත්තේ වට 3-1ක් ලෙසය. තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව යුද හමුදාවේ, තිළිණි වාසනා පෙරේරා. දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස විදුලිබල මණ්ඩල කණ්ඩායමේ බී.ඒ.සී. හිරුෂාන් සම්මාන දිනාගැනීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.