කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් දින 3ක කාලයක් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. මොරවක සතිපොළ ද යළි දැනුම්දෙන තුරු නොපැවැත්වීමට පිටබැද්දර ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ.
මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙම පියවරගෙන තිබේ.
පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 293 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක පිරිසක් මෙම ආසාදිතයින් වන බව වාර්තා වේ.
මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කාලාපයෙන් ද තවත් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව පසුගිය දින 03 තුළ පමණක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් ආසාදිතයින් 100 දෙනෙකු හඳුනාගෙන ඇත.