සංචාරක ක්ෂේත්‍රයේ සහන දීර්ඝ කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුත වූවන් සදහා ලබා දි තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 06 කින් දීර්ඝ කෙරේ. ඔවුන් සදහා වන ලීසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍ර ලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර ණය සහන ලබාදීමේ චක්‍ර ලේඛය ඉදිරි සති කීපය තුළ නිකුත් කිරිමට මහ බැංකුව එකගත්වය පළ කර තිබේ.

මහ බැංකුව මේ සදහා එකගත්වය පළ කර ඇත්තේ මහ බැංකු ශ්‍රවණාගාරයේ දි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකදියි. සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන මූල්‍යමය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා එය පැවැත්විණි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අතර පැවති මෙම සාකච්ඡාවට මහ බැංකුවේ හා සංචාරක අමාත්‍යාංහයේ ඉහළ නිළධාරින් මෙන්ම සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු සංචාරක සංවිධාන නියෝජිතයන් ද එක්ව සිටියහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් පාස්කු ප්‍රහාරය මෙන්ම කොවිඩ් වසංගතයෙන් ද බැට කෑ බවයි. එවැනි ගැටළුකාරී තත්ත්වයක දී ඔවුන් මුහුණදෙන ප්‍රශ්න සදහා පැලැස්තර යෙදීමෙන් ඵලක් නොමැති බවත්, ඕනෑම ආපදා අවස්ථාවක දී සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් රැක ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා දැනටමත් රජය ඒ ගැන සිය විශේෂ අවධානය යොමු කළ ඇතැයි ද කීවේය.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් මෙහි දි කියා සිටියේ මෙම ක්ෂේත්‍ර යේ නියුතුවුවන් ලබා ගත් රුපියල් බිලියන 350 ක ණය සහ රුපියල් බිලියන 105 ක පොළී ගෙවිය යුතු ව ඇති බවයි. එම ණය හා පොළී ගෙවා ගත නොහැකිව සංචාරක හෝටල් හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව ද මෙහි දී අනාවරණය කෙරිණි. මෙම ණය හා පොළී මුදල් ගෙවීම සදහා කිසියම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව එකගත්වය පළ කළ අතර දැනට ලබා දී ඇති ණය සහනය මාස 06 ක කාලයක් දක්වා දීර්ඝ කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බව සදහන් කළේය.

රජය මගින් ලබා දෙන ලීසිං සහන ඇතැම් මූල්‍ය සමාගම් ලබානොදෙන බවට පැමිණිලි ලැබි ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේය. එවැනි පැමිණිලි ඇත්නම් මහ බැංකුවට ඒවා යොමු කරන ලෙසත්, ඒ පිළිබද ව සොයා බැලීමට මහ බැංකුව කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා සදහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.