ලෝකයේ පැරණිතම පරිගණකය ලෙස සැලකෙන අවුරුදු 2000ක් පැරණි උපාංගයක් විද්‍යාඥයින් විසින් ප්‍රති නිර්මාණය කරනු ලැබ තිබේ.
මෙය 1901 වර්ෂයේදී ග්‍රීසියේ රෝම යුගයේ නැව් තටාකයක තිබී මෙම උපාංගය සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකිවි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය පවසන පරිදි එය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කරගෙන නොමැත. යන්ත්‍රය පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදු කෙරේ.
ඇන්ටිකිතෙරා ලෙස නම් කර ඇති මෙම යන්ත්‍රය කෙසේ නිර්මාණය වන්නට ඇත්දැයි, සොයා ගැනීමට මෙතෙක් හැකිවී නොමැත.
එය සූර්යග්‍රහණ සහ වෙනත් තාරකා විද්‍යාත්මක සිදුවීම් ගණනයට යොදාගත් උපකරණයක් ලෙස සැලකේ. එය නව තාක්ෂණය ඔස්සේ විශ්ලේෂනය කර, ප්‍රතිනිර්මාණය කර තිබේ.