චීනයේ ඉහළ පෙළේ බලධාරීන්ට එරෙහිව විවිධ සමිබාධක පැනවීමට යුරෝපා සංගම් රටවල් එකගතාවකට පැමිණ ඇති බව විදේශ මාධ්‍ය පවසයි.
පසුගිය වසරේදී ද යුරෝපා සංගමය , සයිබර් ආක්‍රමණ සිදුකිරීමෙි චෝදනා මත චීන ජාතිකයන් දෙදෙනෙකුට සහ චීන සමාගමකට එරෙහිව මෙවැනි තහනමක් පනවනු ලැබිණ.
උයිගුර් ජන කොටසට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, 1989 වර්ෂයේ ටියෙන්මාන් චතුරස්රයේදේ උද්ඝෝෂකයන් මරා දැමීම ආදිය පදනමි කරගෙන මෙම සම්බාධක පැනවීමට නියමිත බව පැවසේ.
මේ පිලිබද වන අවසන් තීරණය ලබන මේ මස අවසානයේ පැවැත්වෙන යුරෝපා විදේශ අමාත්‍යවරැන්ගේ සමුලුවේදී ගැනීමට නියමිතය.