ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් සීඅයිඩීයට පැමිණිල්ලක්

මහාධිකරණයෙන් අධි චෝදනා ලැබ දඩුවම් ලැබිය යුතු වැරදි කර ඇති අසාද් සාලිට එරෙහිව වහා විමර්ශන සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  අද (13)පැමිණිලි කර ඇත.

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් මුසාම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ යන මහත්වරු අද (13) පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මෙලෙස ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ.

එම ලිඛිත පැමිණිල්ලෙන් පෙන්වා දෙන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(එච්) වගන්තිය ද උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කොට ඇති අසාද් සාලි නැමැත්තා මහාධිකරණයෙන් අධිචෝදනා ලැබ දඩුවම් ලැබිය යුතු වැරදි කර ඇති බව ය ඒ අනුව වහා විමර්ශන සිදු කොට අසාද් සාලි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද පැමිණිලිකරුවෝ සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.