ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව අවධානයෙන් සිටින බව චීනය පවසයි.
අදාළ භාණ්ඩ නිෂ්පාදකවරයා චීනයේ වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (12) දිනයේ දැනුම්දීමක් ද සිදු කර ඇත.
ජාතික ධජවලට පූර්ණ ගෞරවය දැක්විය යුතු බවත් චීනය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාමය සමෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් කැපවී සිටින බව ද චීන තානාපති කාර්යාලය පවසයි.
ජාතික ධජය ඇතුළත් කර පාපිස්නා සහ පාවහන් නිෂ්පාදනය කර අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන වෙබ් අඩවියක ප්‍රදර්ශනය තිබේ. එය සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි කතා බහට ලක් විය.