ශ්රී ලංකාව තුළ වහබ් සහ ජිහාඩ් මතවාදය පැතිරවීම සම්බන්ධයෙන් ජමාතේ ඉස්ලාම් නැමති සංවිධානයේ හිටපු සභාපතිවරයා ත්රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මාවනැල්ල, මුරතවෙල ප්රදේශයේ පදිංචි 60 රෂීඩ් හජ්ජුල් අක්බර් නැමැත්තතෙකි.
අදාළ සැකකරු මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීමේ දී අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ සමීපතම ඥාතියෙක් වන බව ට ද අනාවරණය වී තිබේ.
ජමාතේ ඉස්ලාම් සංවිධානය මඟින් පළ කරනු ලබන අල් හසනාත් නැමති සඟරාවෙහි වහබ් සහ ජිහාඩ් මතවාදය පිළිබඳ ලිපි අදාළ සැකකරු විසින් පළ කර ඇත.
සැකකරු ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන රඳවා තබා ගැනීමට නියමිතය.