තෙවැනි එක්දින තරගයේ වේලාවේ වෙනසක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිතව තිබෙන තෙවැනි එක්දින තරගයේ ආරම්භක වෙලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට පෙර සැලසුම් කර තිබුණු අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භවීමට නියමිතව තිබුණු. සංශෝධනය අනුව එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භ වනු ඇත. මෙම තරගය ලබන 14 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචරඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.