ලේ කැටි ගැසීම් ගැන රටවල් කිහිපයකින් වාර්තාවීමත් සමග ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල කල්දැමීමට තායිලන්තය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ නමුත් ඒ ගැන පැහැදිලි සාක්ෂි නොමැති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. තවද ඩෙන්මාර්කය සහ නොර්වේ මේ වනවිට ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් ලබාදීම තාවකාලිකව නවතා තිබේ.
මේ වනවිට යුරෝපයේ මිලියන 5කට පමණ ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී ඇති අතර ඉන් 30 දෙනෙකුට පමණක් රුධිරය කැටි ගැසීමේ සංකූලතා ඇතිවී තිබුණි.