ශ්රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, “Sri Lanka Flag Non-Slip Doormat” පපිස්නාව චීන සමාගමක් විසින් ඇමසෝන් අන්තර්ජාල වෙබ් අඩවියට විකිණීම සඳහා ඇතුලත් කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය මෙරට චීන තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව මෙම දැන්වීම පළ කළ චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට බිජිංහී ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙත විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් දැනුම් දී තිබේ.
ඔහු මෙම දැනුම් දීම කළේ “Sri Lanka Flag Non-Slip Doormat” නමින් අන්තර්ජාලය මගින් මිළදී ගැනීමට ඇති පපිස්නාව පිළිබඳව ඇමසෝන් අන්තර්ජාල වෙබ් අඩවියෙහි දැක්වෙන වෙළඳ දැන්වීම සම්බන්ධයෙනි.
එමෙන්ම, ඇමසෝන් හි වෙළෙඳ ප්රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී තිබේ.