ඉන්දික ශ්‍රී අරවින්ද
මේ වනවිට ඩුබායිහී පැවැත්වෙන එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය සඳහා සහභාගී වී සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ඇතුළු පිරිස නැවත දිවයිනට පැමිණීමෙන් පසු නිරෝධායන නීතියට අනුව අනිවාර්යෙන්ම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ එසේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රටට ඇතුළු වීමෙන් රටේ අනෙකුත් පුරවැසියන්ට දෙන පුර්වාදර්ශය කඩ කිරීමක් බවයි.
දැනට පවතින නිරෝධායන නීතිය අනුව විදේශීය සිට පැමිණෙන ඕනෑම පුගලයකු ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණයකට ලක් කිරීම මෙන්ම දින 14ක අනිවාර්ය නිරෝධයනයකට ලක් විය යුතු වෙයි.
මේ වනවිට විදේශ සංචාරයක නිරත වී සිටින මෙම දේශපාලඥයින් ඇතුළු පිරිස අනෙකුත් පුරවැසියන්ට දෙන පුර්වාදර්ශයක් ලෙස අදාල නීතියට අනුගතව කටයුතු කරනු ඇතැයි විස්වාශ කරන බව උපුල් රෝහණ මහතා පවසයි.
මෙයට පෙරදී මෙලෙස විදේශ ගත වූ බොහෝ දේශපාලඥයින් නිරෝධායන නීතියට අනුගතව කටයුතු කර ඇති බවත් අවම වශයෙන් හොටෙල් නිරෝධානයවත් සිදු කිරීම අනිවාර්ය වෙයි.
එසේ නොකළහොත් රටේ අනෙකුත් පුරවැසියන්ට දෙන නරක පුර්වාදර්ශයක් බැවින් මහජන විරෝධයක් ඇති වීමේ ප්‍රවණතාවයක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය [පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරයි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ඇතුළු 7 දෙනෙකුගෙන් සමන්විත පිරිස ඩුබායි බලා පිටත්ව ගියේ පසුගිය (07) වැනිදාය.
එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් නිසා ඩුබායි බලා ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද කිරීමට ද සිදු විය.