“කොළඹ Colombo” සූදානමින්

අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කෙරූ “කොළඹ ( colombo) ” සිංහල චිත්‍රපටය මෙම මස 18 වනදා සිට තිරගතකිරීම් ආරම්භ කිරීමට නියමිතය.

ත්‍රිලර් ඩ්‍රාමා ශානරයට අයත් මෙම චිත්‍රපටයේ රංගනයට හේමාල් රණසිංහ , ධර්මප්‍රිය ඩයස් , කුමාර තිරිමාදුර , ජෙහාන් අප්පුහාමි , රුක්මාල් නිරෝෂ් ,නිෂාන් කුමාර , චන්දික ප්‍රසාද් ඇතුලු ප්‍රවීණ හා නවක ශිල්පීන් දායක වී ඇත.

2016 දී නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරූ මෙම චිත්‍රපටයේ ප්‍රථම නිල පූර්ව ප්‍රචාරක පටය 2018 දී නිකුත් කරන ලදී. නවක අධ්‍යක්ෂවරයෙකුගේ මෙන්ම නවක චිත්‍රපට කණ්ඩායමකගේ ආගමනයක් මේ හරහා සිදුවන අතර ශ්‍රී ලාංකීය සිනමාව තුල නැවුම් බලාපොරොත්තු ඇති කිරීමටද එය හේතුවක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.