බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරයි

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 232ක් ලබාගත්තේය.

ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ශතක සබඳතාවක් පවත්වා ගත්තේය. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර පන්දු 60ක් තුළ හතරේ පහර 4ක් සමගින් ලකුණු 50ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු දෙකක් පමණක් බිඳ වැටී තිබියදී ලකුණු 236ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කල අතර ආරම්භක පිතිකරු ෂායී හෝප් ලකුණු 110ක් ලබාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.